වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කරනවා

Share

තිරසර සංවර්ධන හා වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, වනෝද්‍යානය තුළට මත්පැන් රැගෙන යාම අවශ්‍යය වුවහොත් තහනම් කිරීමට වුවත් පියවර ගන්නා බවයි‍.

අමත්‍යවරයා සඳහන් කළේ, විල්පත්තුව සම්බන්ධයෙන් ජනපතිවරයා හා අගමැතිවරයා සමඟ සකච්ඡා කොට එය පිළිබඳ තිරණයක් ගන්නා බවය.

අමාත්‍යාංශය තියෙනවද නැද්ද කියලා දකින්නේ අලියෙක් මැරුණොත් පමණයි. යාල යන්නේ සමහරු වනජීවීන් බලන්න නොවෙයි. පාටි දාල, බීලා කැමේ දෙවනත් කරල, සමහරු එළියට එනවා. යාල ඇතුළට මත් පැන් ගෙන යෑම තහනම් කරන්න සිදු වුවහොත් එය කරනවා. කැලේ ගිහින් බොන්න අවශ්‍ය නම් එයට වෙන තැන් හදන්න පුළුවන්. වනජීවීයා ඉන්න තැන බොන්න ගියොත් හරි යන්නේ නෑ. සමහර තීරණ ජයප්‍රිය නොවන්න පුළුවන්. අලි මිනිස් ගැටළුවට පළමුව ප්‍රමුඛත්වය ලබා දෙනවා යැයි ද අමාත්‍යවරය පැවසී ය.

Read more

Local News