දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් – අහස වලාකුලින් බරව පවතී

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

දිවයිනේ අහස වලාකුලින් බරව පවතිනු ඇත.

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත්, කළුතර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News