අම්පාර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන්

Share

අම්පාර මහ රෝහලේ රුපියල් මිලියන 1500 කට අධික වියදමකින් ඉදිකරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරිම සහ මුල්ගල් තැබීම සිදු කෙරිණි.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී අම්පාර මහ රෝහලේ 08 මහල් ළමා රෝග වෛද්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ද සිදු විය. ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 175 කි.

අම්පාර මහ රෝහලේ ඉදිකිරීමට යෝජිත ආඝාත මධ්‍යස්ථානය සදහා ද මුල්ගල් තැබීම සිදු කළ අතර, රෝහල් අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය, පොදු භාණ්ඩ ගබඩාව, වඩු කාර්මික නඩත්තු අංශය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විවෘත කරන ලදි.

Read more

Local News