අතුරුදන්වු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ සම්මානය හමුවෙයි

Share

අභවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ නිවසින් අතුරුදන් වු රණ මයුර සම්මානය කඩුවෙල -කොල්ලුපිටිය බසයක තිබී අද (05) සොයාගත් බව පොලීසිය පවසයි.

මාර්ග අංක 177 – කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වන බස් රථයක භාණ්ඩ රඳවනයක තිබී මෙම සම්මානය හමුවී තිබේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයතු කිරීමට පෙර නිවසේදි ආගමික වතාවත් පැවැත්වෙන අතරතුරේදී මෙම පදක්කම අතුරුදන් වී තිබිණි.

Read more

Local News