ෆේස්බුක් සමාගමේ ආදායම් තත්ත්වයේ වෙනසක් සිදුව නොමැත

Share

ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකළ සමීක්ෂණයකදී එහි ආදායම් තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බව හෙලිව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87 කගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බවට කේම්බ්‍රිජ් ඇනලිටිකා නැමති සමාගමට චෝදනා එල්ල විය. අදාළ තොරතුරු ෆේස්බුක් ආයතනය මගින් එම ආයතනයට ලබාදුන් බවට පසුව හෙළි විය.

සිදුකළ සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ එලෙස චෝදනා එල්ලවුවත් ෆේස්බුක් සමාගමේ ආදායම් තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බවයි.

මේ වන විට ලොව පුරා ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය පරිහරණය කරන ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාව බිලියන 2.2කි.

Read more

Local News