දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තවදුරටත්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08) නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතීන බවයි.

දකුණු සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

ඇතැම් ස්ථාන වලට, විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News