තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදේශකයන් ලෙස කාන්තාවන්

Share

තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදේශකයන් ලෙස කාන්තාවන් ද බඳවා ගැනීමට එහි පරිපාලනය තීරණය කර ඇත.

අවශ්‍ය අවස්ථාවන්හි දී සේවයේ යෙදවීමට හැකිවන සේ කාන්තා ලියාපදිංචි ආදේශිකාවන්ගෙන් සැදුම්ලත් සංචිතයක් ප‍්‍රාදේශීය තැපැල් අධිකාරි කොට්ඨාස මට්ටමින් පවත්වාගෙන යන්නැයි තැපැල් අධිකාරිවරුන්ට මේ වනවිටත් දෙපාර්තමේන්තුව චක‍්‍රලේඛයක් මඟින් දන්වා යවා ඇත.

මේ වනවිටත් දෙපාර්තමේන්තුව තුළ කාන්තා නිලධාරිනියන් බහුතරයක් සේවය කරන අතර ඔවුන් රාත‍්‍රී සේවාවන්හි නිරත වෙන අවස්ථාවල කාර්යාල කාර්ය සහයක ඇතුළු ශ්‍රේණිවල රාජකාරි සඳහා යෙදවීමට ඇත්තේ පිරිමි සේවකයින් බවත් එවැනි අවස්ථාවන් සඳහා ඇති රාජකාරි අවශ්‍යතා මත මෙසේ කාන්තාවන් ද ආදේශක තනතුර සඳහා බඳවා ගැනීමට තීරණය කළ බවයි සදහන් වන්නේ.

Read more

Local News