සෞඛ්‍ය සේවකයින්ට දින 05 ක වැඩ සතියක් – සෞඛ්‍ය අැමති

Share

ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කළ මැයි රැළියට ඊයේ (07) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ,

“වර්තමානයේ පැය 08 වැඩ කරන කාලය කම්කරුවන් ගණන් ගන්නේ නැහැ. නමුත් එය ලබාගත්තේ ජිවිත පරිත්‍යාගයෙන්. කම්කරු ඉල්ලීම් ලබාදීමට පැවැති රජයන් කටයුතු කළා. සෞඛ්‍ය සේවකයින්ගේ දින 05 සතිය ස්ථාපිත කිරීම පිළිබදව සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉතිරි දින වලට අතිකාල දීමනා ලබාදීමට සැළසුම් කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය සහායකයින්ට ක්‍රමවත් පුහුණුවක් ලබාදෙන ලෙසත්, උපස්ථායක පුහුණූව මාස 06 දක්වා වැඩි කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.”

Read more

Local News