සම ආලේපන නියාමනයට නව නීතියක්

Share

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, සම පැහැපත් වීමට භාවිත කරන බොහෝ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර දෑ ඇති නිසා ආලේපන නියාමනයට නව නීතියක් හඳුන්වා දෙන බවයි.

මේ අනුව අදාළ ආලේපනයේ අඩංගු ද්‍රවය්‍ය හා ආලේප කළයුතු ප්‍රමාණයන් පිළිබඳ ආලේපන ලේබලයේ සඳහන් කළයුතු බවට නීතියක් පැනවීමට නියමිතය.

මීට අදාළ ගැසට් නිවේදනයට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න අත්සන් තබා තිබෙන අතර, එය ඉදිරි දිනවල ප්‍රසිද්ධීයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

අදාළ නීතියට අනුව කටයුතු කිරීමට නිෂ්පාදකයන්ට සහආනයනය කරන්නන්ට මාස 06ක කාලයක් ලබාදීමටත් නියමිතය.

සම පැහැපත් වීමට ආලේප කරන සමහර ක්‍රීම් වර්ග ප්‍රමිතියෙන් තොර බවට හෙළි වීම සහ ආලේපනය කළයුතු ප්‍රමාණයක් සඳහන් නොවීම නිසාත්, සම පැහැපත් කර ගැනීමට අධික ලෙස ක්‍රීම් වර්ග භාවිත කිරීම නිසා ශරීරයට සිදුවන අහිතකර තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News