ලෝක වෙළදපොළේ බොරතෙල් මිලේ කැපී පෙනෙන වර්ධනයක්

Share

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව වාර්තා වෙයි.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට එරෙහි නව සම්බාධක පැනවිය හැකි අතර, එමගින් ගෝලීය තෙල් සැපයුමට බාධාවක් එල්ල වනු ඇත.

එම තත්ත්වය හමුවේ ඇමරිකානු බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 ඉක්ම වූ අතර, එය වසර 03 හමාරකින් වාර්තා වන ඉහළම අගයයි.

Read more

Local News