ජනපති පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වෙයි

Share

8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කෙරෙන අවස්ථාව සඳහා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සැපත් විය.

ජනාධිපතිතුමා කතානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව ආචාර වෙඩිමුර ඇතුළුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිදීම සිදු කෙරුණු අතර සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

කතානායකතුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව වෙත රැගෙන එන ලද අතර එහිදී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද එක් කළාය.

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශය අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News