ඉන්දුනීසියාවේ බාලි දූපතේ ගිණිකන්දක් පුපුරා යෑමේ අවදානමක්

Share

ඉන්දුනීසියාවේ බාලි දූපතේ ගිණිකන්දක් පුපුරා යෑමේ අවදානමක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් තිස්පන් දහසක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. බාලි දූපතේ පිහිටි අගුන්ග් ගිණිකන්දෙන් දුම් හා අළු පිටවීම ආරම්භ වී තිබේ. ඒ සමග අවදානම් මට්ටම ඉහළ නැංවීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන ඇත.

ගිණි කන්දේ සිට කිලෝ මීටර 12ක් පමණ ඈතින් පිහිටි කලාපයේ දස දහසකට අධික ජනතාව මේ වන විට ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.1963 හා 1964 වසරවල අගුන්ග් ගිණි කන්ද ආශ්‍රිතව සිදුවූ පිපිරීම් මාලාවකින් දහසකට අධික පිරිසක් මිය ගොස් තිබේ. තවත් සිය ගණනක් තුවාල ලැබූ බව වාර්තාවේ.

Read more

Local News