පළාත් කිහිපයකට සවස 2.00 න් පසු වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

බස්නාහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

ඇතැම් ස්ථාන වලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News