වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් ලක්ෂ 50ක්

Share

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (08) එහි ගිය අවස්ථාවේ දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා ප්‍රකාශ කළේ,

ගොවීන් සතුව විකුණා ගත නොහැකිව තිබෙන වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මහා භාණ්ඩාගාරය විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දී ඇත.

මෙම මුදල් මේ වන විටත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් වෙත මුදා හැර තිබේ. අදාළ වට්ටක්කා අස්වනු මිලදී ගෙන සුදුසු පරිදි වෙළදපළට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙස අමාත්‍යංශය එම නිලධාරින්ට උපදෙස් දී ඇත.

තම අස්වනු අළෙවි කර ගැනීමට නොහැකි වුවහොත් වට්ටක්කා ගොවින් අකර්මන්‍ය වීමට ඉඩ ඇති නිසා මේ මොහොතේ ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන හෙයින් තමා භාණ්ඩාගාරයෙන් මෙම මුදල ඉල්ලා සිටි බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

වගා කටයුතු වලදී ගොවින් වෙළඳපොළ සහ කාළගුණික තත්වයන් සැලකිල්ලට ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ අදාළ වගාකටයුතු සඳහා යොමු කිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගතයුතු බව ද ඇමතිවරයා පැවසිය.

Read more

Local News