බෝ නොවන රෝග වළක්වාලීමට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක්

Share

මෙරට ජනතාව අතර පවතින බෝ නොවන රෝග වළක්වාලීමේ අරමුණෙන් ලෝක බැංකුව මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත.

දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇතුළු බෝ නොවන රෝග අවම කිරීම සඳහා එම මුදල් ද භාවිතා කරමින් විධිමත් වැඩපිළිවෙළක් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් පනවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැටි අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

බෝ නොවන රෝගවලට ජනතාව ගොදුරු වීම වළක්වා ගැනීමේ අරමුණෙන් රට පුරා ප්‍රදේශයන්හි පෝෂණ මන්දිර ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ වසරකට රෝහල්ගත වන පිරිසගෙන් සියයට 70 ක් මරණයට පත්වනුයේ බෝ නොවන රෝග හේතුවෙන් බවයි.

Read more

Local News