උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි

Share

අපදා කළමනාකරන මධ්‍යස්ථානය සදහන් කළේ, පවතින වැසි තත්වය හේතුවෙන් උඩවලව ජලාශයෙන් වාන් දොරටු තුනක් මේ වන විට විවෘත කර තිබෙන බවයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ බස්නාහිර, සබරගමුව, ඌව, නැගෙනහිර, ගාල්ල, මාතර, පොළොන්නරුව, කළුතර, පුත්තලම වැසි තත්වයේ වැඩිවීමක් පවතින බවයි.

හපුතලේ නාය අවදානම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 92ක් ඉවත් කර තිබේ.

අම්බලන්තොට, මොණරාගල, රත්නපුර ජනතාව දැනුවත් කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් මේ වන විට කටයුතු කර ඇත.

කදුකර හා ගංගා දෙපස සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස, අපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read more

Local News