මූලතිව් සතුන්ට පානය සඳහා යුද්ධ හමුදා භට පිරිස් ජලය සපයයි

Share

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එම ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වභාවික වාසස්ථාන හා ජිවීන්ගේ පැවැත්ම කෙරෙහි තර්ජන එල්ලවෙමින් පවතින සමයක එයට අවධානය යොමු කරමින් මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්‍ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා ජලය සැපයීමට පියවර ගෙන ඇත.

රක්‍ෂිතයන්හි ජිවත්වන ජිවීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 64 වන සේනාංකයේ භට පිරිස් විසින් රක්ෂිතය තුළ ජල රැඳවුම් ස්ථාන හඳුනාගෙන යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

යුද්ධ හමුදාව ජලය සැපයීම මගින් පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිකම යම්තරම් දුරකට හෝ සමනය කලහැකි යැයි විශ්වාස කෙරේ.

ඒ අනුව, යුද්ධ හමුදා බවුසර් යොදාගනිමින් පීඩාවට පත් ප්‍රදේශවලට වැසිසමය ආරම්භවන තෙක්ම ජලය සැපයීමට පියවර ගෙන ඇත.

Read more

Local News