දුම්රිය සේවක ගැටලු පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය

Share

දුම්රිය සේවක ගැටලු පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

දුම්රිය සේවකයින් වැටුප් වර්ධක ගැන සාකච්ඡා කර තිබුණා. අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ තීරණ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එසේ තිබිය දී වැඩවර්ජනයකට යනබව ප්‍රකාශ කර තිබුණා. කැබිනට් මණ්ඩලය තීන්දු කළා, දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම තුළ මෙම වැටුප් වර්ධකය ලබාදෙනවා කියලා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩලය දුම්රිය ප්‍රශ්නය ගැන සාකච්ඡ කළ බවත් එයට විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගත් බවත් ය.

Read more

Local News