ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වැරදි ලෙස ගෙන රට නොමඟ යවන්න උත්සහ කරනවා – ගයන්ත කරුණාතිලක මහතා

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි දා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය වැරදි ලෙස ගෙන රට නොමඟ යවන්න උත්සහ කරනවා. කවුරු කොහොම දැක්කත්, ජනාධිපතිතුමාගේ ප්‍රකාශය රජෙකුගේ ප්‍රකාශයක් නොව, පොදු මහජනාතවගේ සිතුම් පැතුම් හඳුනන ජනතාවාදී නායකයකුගේ ප්‍රකාශයක් ලෙසයි දකින්නේ.

19 ව්‍යවස්ථා සංශෝධනය කළ හැටි කිව්වා. සේනක බිබිලේ ඖෂධ පනත එතුමාගේ නායකත්වයෙන් කළ හැටි මතක් කලා. රාජ්‍යසේවක වැටුප් වැඩි කළ හැටි මතක් කළා. තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතවට දෙන්න සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ළඟම පාසල හොඳම පාසල වගේම සුරක්ෂා සිසු රක්ෂණය ක්‍රියත්මක කරනවා. එතුමාගේ කතාවේ ඒ බව පෙන්වා දුන්නා.

ඉඩම් ඔප්පු දස ලක්ෂය ගැන එතුමා සඳහන් කළා. අප ජාත්‍යන්තරව හුඳකාලා වූ රටක් ලෙසයි සිටියේ. ජාත්‍යන්තරව හුඳකලා වී සිටි මොහොතක අප ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කළා. කවුරු මේවා නැහැ කිව්වත් මේවා යථාර්ථයක්
වෙලා අවසන්. ඉලක්ක ගත වැඩසටහන් ගැනත් එතුමා සඳහන් කළා. අද කුමන අභියෝග ආවත් ජනධිපතිතුමා, අගමැතිතුමා හා රජය ඊට මුහුණ දෙනවා. ජනාධිපතිතුමා රට බාරගන්නකොට රට තිබුණු හැටි සමහරුන්ට අමතක වෙලා.

ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩලය නඩත්තු කළේ පසුගිය ආණ්ඩුවයි. අද ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්, මාධ්‍ය නිදහස ඇති කර තිබෙනවා. සුදු වෑන් එන්නේ නෑ. තර්ජනය නිස රට හැර යන්න වෙල නැ. ප්‍රතිපත්ති ප්‍රකාශය පුස්සක් නොවෙයි. ජනාධිපතිතුමා සමබර ප්‍රකාශයක් කළා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News