නොබෙදුණු, නොබිදිය හැකි රටක් අපට අවශ්‍යයි – අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අවශ්‍යයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 මැයි මස 08 වැනි දා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ආරම්භ කරමින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසුවේ,

එදා මේ රට දේශීය, විදේශීය ණය බරක ගිලී තිබුණා. ආණ්ඩු වෙනස් කරනවාට වඩා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි. රට සමෘද්ධිමත් කිරීමට සිතිය යුතුයි. මම කතාකරන්න බලාපොරොත්තු වන්නේ උතුරු නැඟෙනහිර ප්‍රශ්නය හා ඒ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නය ගැන.

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය නොවිසඳීම අනෙක් ගැටළුවලට හේතුවක් වුණා. මේ ගැටළුවට ඉහළ අවධනය යොමු කරන්න. එක් වී මේ ගැටළුව විසඳීමට කටයුතු කරන්න. රටේ යහපත ගැන සිතලයි කියන්නේ. නොබෙදුනු, නොබෙදිය හැකි එක ශ්‍රී ලංකාවක් තුළ සාධාරණත්වය, යුක්තිය, සමානත්මතාවයෙන් යුතු ශ්‍රී ලංකාවක් මට වුවමනා කරන්නේ. රට බෙදීම වෙනුවෙන් පෙනී සිටින කිසිදු දේශපාලන පක්ෂයකට උදව් කරන්න එපා යැයි දෙමළ ජනතාවට කියනවා.

නොබෙදුණු ශ්‍රී ලංකාවක් අපේ ස්ථාවරය වුණා, වසර 30 කාලය පුරාම. අලුත් මාවතකට යොමු කර අලුත් ගමනක් යනවද කියලා සිතා බැලිය යුතුයි. නොබෙදුණු, නොබිදිය හැකි රටක් අපට අවශ්‍යයි. මේ රට සෞභාග්‍යමත් කරගන්න නම්, රටක් ලෙස සාර්ථක කර ගන්න නම්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අවශ්‍ය වෙනවා යැයි ද විපක්ෂනායකවරයා පැවසී ය

Read more

Local News