2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසු මේ රටේ ජනතාවට වඩාත් නිදහස් වාතාවරණයක් ඇති වූණා

Share

2015 ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසු මේ රටේ ජනතාවට වඩාත් නිදහස් වාතාවරණයක් ඇති වූ අතර ඒ අනුව මාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස් වීම් පැවැත් වීමේ නිදහස ඇතුළු මානව හිමිකම් තහවුරු වූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබද ජ්‍යාත්‍යන්තර ප්‍රජාව අතර යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගුණු බවත්, විද්‍යා ,තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

මේ නිසා යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට යළිත් GSP+ සහනය ලබා දුන් අතර එයින් මේ රටේ මත්ස්‍ය අපනයනය සහ ඇගලුම් ඇතුළු අනෙකුත් අපනයනයන් විශාල ලෙස වර්ධනය වූ බව ද අමාත්‍යවරයා පැවසිය.

මේ රට සංවර්ධනය කළ හැක්කේ රජය සහ පෞද්ගලික අංශය එක් වී ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කිරීමෙන් පමණි. එහිදී රටේ ණය අනුපාතිකය අඩු කොට හැකිතාක් විදේශ ආයෝජන වැඩි කිරීමට පියවර ගත යුතුයි.

පසුගිය කාලයේ නියගය, ගං වතුර ආදී පාරිසරික ප්‍රශ්න නිසා අර්බුද ඇති වුණත් ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාමය රජයට හැකි වූ බවද ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.

Read more

Local News