ජනපති අතින් කුරුණෑගල නව රණවිරු ස්මාරකය විවෘත කරයි

Share

කුරුණෑගල – දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී ඉවත්කෙරුණු කුරුණෑගල රණවිරු ස්මාරකය වෙනුවට ඉදිකෙරුණු නව ස්මාරකය අද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය.

වයඹ පළාත් සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් පෙර ස්මාරකය පැවති භූමියේම ඉදිකර තිබෙන මෙම ස්මාරකයේ සියලූ ඉදිකිරීම් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදු කර තිබේ.

රණවිරු අභිමානය සුරැුකෙන පරිදි පෙර පැවැති ස්මාරකයට වඩා ආකර්ශණීය සහ වයඹ පළාතේ දිවිදුන් සියලූ රණවිරුවන්ගේ තොරතුරු ඇතුළත් වන පිරිපුන් ස්මාරකයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල
රුපියල් මිලියන 27 කි.

ඉතා පැහැදිලි ලෙසම මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩ ලබාගැනීමේ ප‍්‍රමුඛ අවශ්‍යතාවය මත මෙම රණවිරු ස්මාරකය තාවකාලිකව ඉවත් කිරීම සිදුවුව ද රජය විසින් රණවිරුවන් අමතක කර දමා ඔවුන්ගේ ස්මාරක බිඳ හෙළන්නට
පටන්ගෙන ඇති බව සදහන් කරමින් එයට දේශපාලනික මුහුණුවරක් ලබාදෙන්නට යම් පිරිසක් උත්සාහ කළ අයුරු පසුගිය සමයේ දක්නට ලැබුණි.

Read more

Local News