ඉදිරි සති දෙකකින් ඖෂධ වර්ග ගණනාවක මිල අඩු කරනවා – සෞඛ්‍ය අැමති

Share

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ උත්සවයට සහභාගී වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ,

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කළා මෙන් ඉදිරි සති දෙකකින් තවත් ඖෂධ වර්ග ගණනාවක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැති බවත්, යහපාලන ආණ්ඩුව යටතේ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සහන ඉහළින්ම ලබාදීමට කටයුතු කරන බවත් එමඟින් මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වන බවත් පැවසීය.

දකුණු ආසියාවේ පමණක් නොව සමස්ත ලෝකයේම රටවලට සාපේක්ෂව හොඳම සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වනුයේ ශ්‍රී ලංකාවේ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බව ද ඇමැතිවරයා පවසා සිටියේ ය.

රුපියල් කෝටි 50,000ක මුදලක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පසුගිය වසරේ දි වියදම් කර අැත.

Read more

Local News