සමූපකාර, මෙගා අලෙවිසැල් ජාලය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (10) පැවැති සමුපකාර සමිති නායකයින්ගේ සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ප්‍රකාශ කළේ,
සමූපකාර අලෙවිසැල් ජාලය හා සුපිරි මෙගා අලෙවිසැල් ජාලය නවීන තාක්ෂණය ඇතුළු පහසුකම්වලින් පිරිපුන් මහජනතාව ආකර්ෂණය කර ගන්නා පාරිභෝගික සේවා ආයතන බවට පත් කළ යුතුයි.
මේ වන විට එම තරගකාරී වෙළෙඳපොළ තම අනන්‍යතාව රැකගෙන ඉදිරියට යන්න සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් වී තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.
පහසු මිලට පාරිභෝගික භාණ්ඩ හා සේවය සලසන සමූපකාරය තවත් සුහදශීලීව සහ ගුණාත්මකව තම සේවය සැලසීමට එම කාර්යය මණ්ඩලය වග බලා ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

Read more

Local News