පාසල් සිසුන් 45 ලක්ෂකට පමණ රුපියල් ලක්ෂ දෙකක රක්ෂණයක්

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පාසල් සිසුන් සඳහා සුරක්ෂා නමින් ජීවිත රක්ෂණ ක්‍රමයක් ආරම්භ කළේ, මේ ආණ්ඩුව බවත් එයින් රජයේ සහ පෞද්ගලික පාසල් හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන 45 ලක්ෂයක් පමණ වන සිසුන්ට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණයක් ලබා දී ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහත පවසයි.

එසේම ජාතික ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල දියුණුවට ගත වූ වසර තුන තුළ විශාල වැඩකොටසක් කර ඇති බව ද ඒ මහතෙ පැවසී ය.

ප්‍රධාන නගරවල ජනප්‍රිය පාසල්වලට තිබෙන පහසුකම් වර්තමාන රජය විසින් ගම්බද පාසල්වලට ද ලබා දී අති බවද රජයේ පාසල්වලින් සියයාට් 60%කට විදුලිය සපයා දී ඇති බව ද පාසල් රැසකට වැසිකිළි හා ජල පහසුකම් සපයා දී අැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Read more

Local News