ශ්‍රී ජයවර්ධනපුර නව ව්‍යාපෘතියෙන් වාසි රැසක්

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ, මූලික යටිතල පහසුකම් ඇතිකිරීමේදී ජනතාව අතර මතුවන දුර්මත තුරන්කර නිසි අවබෝධය ලබා දීමට ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ගේ සහයෝගය බලාපොරොත්තුවන බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 300ක ජපන් ණය අධාරයෙන් ජපානු තාක්ෂණය යොදාගනිමින් මෙම පරිසර හිතකාමි ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ ඇතිවන ගං වතුර තර්ජනයද වලක්වාලීමට ක්‍රමවේදයක්ද නිර්මාණ කටයුතුවලට සැලසුම් කර ඇත.

මෙම ශ්‍රී ජයවර්ධනපුර අපජලය එකතුකර, පවිත්‍රකර හා බැහැරලීමේ පද්ධතිය ඇමරිකානු ඩොලර් මිලියන 300ක ජයිකානු අධාරයෙන් ජපන් තාක්ෂණය යොදාගනිමින් ඉදිවන ව්‍යාපෘතියකි.

කඩුවෙල, බත්තරමුල්ල, රාජගිරිය, ඇතුල්කොට්ටේ, නුගේගොඩ, කිඹුලාවල යන ප්‍රදේශ ආවරණය කරමින් 222,000ක ජනගහනයක් මෙම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමිවේ. තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සෙත්සිරිපාය, සුහුරුපාය වැනි රජයේ ආයතන 235ක් මෙයට අන්තර් ගතවන අතර මෙමගින් හෙක්ටයාර 3,000ක භූමි ප්‍රමාණයක් ආවරණය වේ.

Read more

Local News