ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අද

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබිම, සොරණතොට සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් නිල නිවස සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම අද (14) සිදු කෙරේ.

ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1530 කි.

Read more

Local News