සෞඛ්‍ය අැමති ප්‍රධානත්වයෙන් රෝහල් සංවර්ධන ව්‍යාපෘති සහ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Share

දිවයින පුරා සෑම පළාතකම රෝහල්වල පවතින ගැටලු සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව එම පළාත්වල මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.
නැගෙනහිර පළාතේ රෝහල් සංවර්ධනය කිරීමේ දී අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල රෝහල් වෙන වෙනම සංවර්ධනය කිරිම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.
දකුණු පළාතේ රෝහල් සංවර්ධනය කිරීමේ දී ඇල්පිටිය, බලපිටිය මුලික රෝහල් සංවර්ධනය කිරිම සහ කරාපිටිය මහමෝදර යන රෝහල්වල ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති විමසා බැලීය. මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය පමණක් දැනට රෝහල් භුමියේ ස්ථාපිත කර, අනෙකුත් සියලුම සේවාවන් ගොඩගම නව රෝහල කරා ගෙනයාමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි.
උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම ආරම්භ කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී විමසා බැලිය. එම රෝහල්වල පවතින වෛද්‍ය, හෙද, ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල හිගයට පිළියම් යොදන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. වව්නියාව සහ යාපනය නගරවල නව ඔසුසල විවෘත කිරීමට ද තීරණය විය.

Read more

Local News