ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

Share

ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඉන් මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් වාර්තා වී නොමැත.

අද සිදුවූ පිපිරීම අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැක කෙරේ.

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊයේ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවිය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බවයි සඳහන් වන්නේ.

Read more

Local News