ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර පාගමක් සහ සෞඛ්‍ය සායනයක්

Share

ලෝක ඇදුම දිනය නිමිත්තෙන් මහනුවර නගරයේ දී පාගමක් සහ සෞඛ්‍ය සායනයක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේශඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, හම්බන්තොට රෝහලේ, ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බෝධි සමරසේකර මහතා පැවසීය.

ලෝක ඇදුම රෝග දිනය (මැයි 01) වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමින් වෛද්‍ය සමරසේකර මහතා මේ බව පැවසී ය.

ජූනි 05 දිනට යෙදී තිබෙන පරිසර දිනය දී මහනුවර නගරයේ දී ශ්වසන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් පවැත්විමට නියමිතය.

ඇදුම රෝගය ලෝකයේ සැළකිය යුතු ප්‍රතිශතයකට තිබෙන බවත් මින් ආර්ථිකයට ද යම් බලපෑමක් සිදු වන බවත් රෝගය පාලනය කිරීම සඳහා දැනුවත් කිරීම වැදගත් බවත් වෛද්‍ය සමරසේකර මහතා පැවසීය.

Read more

Local News