බස් ගාස්තු ගැන බස් සංගම් සහ ගමනාගමන කොමිෂම අතර අද සාකච්ඡාවක්

Share

ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සමාගම් නියෝජිතයින් සමඟ අද (14) සවස සාකච්ඡා කිරීමට නියමිත බවයි‍‍.

මෙම සාකච්ඡාවෙන් පසුව කොමිෂන් සභාව විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාවක් යවන බව ද පැවසී ය.

එම වාර්තාව අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් හෙට දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇති බව ද ඒ මහතා ප්‍රකශ කළේ ය.

Read more

Local News