දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ඉදිරි දිනවලදී දිවයිනේ දකුණු අර්ධයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.

විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

Read more

Local News