කාර්මික දෝෂයක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටේ

Share

කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, රත්මලාන, පන්නිපිටිය යන ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙන බවටයි සඳහන් වන්නේ‍.

බියගම සිට පන්නිපිටිය දක්වා විදුලි සම්ප්‍රේශන මාර්ගයේ සිදුව ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටිම සිදුව ඇත.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ විදුලිබලය යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි‍.

Read more

Local News