ලූනු සහ අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

Share

ලූනු සහ අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සැකසීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද මරවීර මහතා තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ අර්තාපල් හා ලූනු වගාවේ යෙදී සිටින ගොවීන් රැකගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබිය යුතු බවයි.

විශේෂයෙන් මාතලේ, යාපනය, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කීපයක ලූනු වගාවත් බණ්ඩාරවෙල නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක කීපයක අර්තාපල් වගාවත් ගොවීන් විසින් සිදු කරයි. නමුත් බොහෝ අවස්ථවල ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දී ඊට සරිලන මිලක් නොලැබීම නිසා ගොවීන් කළකිරීමට පත් වෙයි.

එම නිසා මේ සම්බන්ධව දිරිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය ලූනු සහ අර්තාපල් වග කරන ගොවියා ආරක්ෂ කිරීමට නම් ඇතැම් ව්‍යාපාරිකයන් විසින් කූට ලෙස ගොවියා
ගසා කෑම වැළැක්වීමට පියවර ගත යුතු බව ද අවධරණය කළේ ය.

මේ අතර බීජ ලූනු වශයෙන් මෙක්ට්‍රික් ටොන් 7000ක් පමණ මිලදී ගැනීමට කෘශිකර්ම අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

එමෙන්ම අර්තාපල් හා ලූනු වගා කරන ගොවීන් එම ගොවිතැනින් ඉවත්වීමට ඉඩ නොතැබිය යුතු බවත් දේශීය ගොවියා  රැකගැනීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

Read more

Local News