රිය අනතුරකින් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහලේ

Share

අද (15) අලුයම 5.00 ට පමණ හලාවත – කුරුණෑගල මාර්ගයේ මුන්නේෂ්වරම් ප්‍රදේශයේදී කුඩා ප්‍රමාණයේ ලොරියක්, වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව හලාවත පොලීසිය පවසයි.

මෙම අනතුරින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

මාළු රැගෙන ඒම සදහා ගමන් කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගය හරහා දිව ගිය ගවයෙකුගේ ගැටීමෙන් පසුව ඉදිරියෙන් පැමිණ ඇති වෑන් රථයේ සහ යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් ගවයාද මිය ගොස් ඇත.

Read more

Local News