රත්නපුර අනාරක්ෂිත ළමා උද්‍යානය සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කෙරේ

Share

සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවේ‍,

රත්නපුර නගර මධ්‍යයේ කළු ගඟට යාබදව අනාරක්ෂිතව ඉදිකර ඇති ළමා උද්‍යාන පරිශ්‍රය ආයුර්වේද සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනස කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි.

2005 වර්ෂයේ රුපියල් ලක්ෂ 25ක රජයේ මුදල් වැයකර මෙම ළමා උද්‍යානය රත්නපුර නගර සභාව මැදිහත්වී ඉදිකර ඇත.

මෙම උද්‍යානය අනාරක්ෂිතව ඉදිකර ඇති නිසා භාවිතයට නොගත් අතර යාචකයින්, මෙන්ම නීති විරෝධී කටයුතුවල නියැලෙන කල්ලි විසින් එය වාසස්ථානයක් බවට පත්කරගෙන ඇත.

Read more

Local News