මාතලේ වන අලි ගැටළුවලට කඩිනමින් විසඳුම්

Share

මාතලේ දිස්ත්‍රික්කයේ වනජීවි අමාත්‍යාංශයට සම්බන්ධ සියලු ගැටළු පිළිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් සපයන ලෙස වන ජීවි අමාත්‍යාංශයෙන් දැනුම් දී ඇති බව මාතලේ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සජීවා විතානගේ මහත්මිය  පැවැසුවාය.
වන අලි ගම්වැදීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ඩබ්. යසමාන මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව අධ්‍යක්ෂවරිය පැවසීය.
එම වාර්තාව අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පවතින වන අලි ප්‍රශ්නය ඇතුළු වනජීවි අමාත්‍යාංශයට අයත් ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරනු ඇති බව අධ්‍යක්ෂවරිය පවසා සිටියාය.
දිස්ත්‍රික්කය සඳහා වනජීවි නිලධාරින් ඇත්තේ සුළු පිරිසක් බවත් ඔවුන්ට ගැටළු කඩිනමින් විසඳීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය හා එම නිලධාරින් තම ජීවිත අවදානම ගැන නොතකා කටයුතු කරන බැවින් ඔහුන්ට රක්ෂණ ක්‍රමයක අවශ්‍යතාවය ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News