මේ වසරේ ආදායම කෝටි 9100කින් ඉහළට

Share

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ 2016 වසරේ මුල් මාස තුනට වඩා මේ වසරේ මුල් මාස තුනේ රජයේ ආදායම රුපියල් කෝටි 9100කින් වැඩිවී ඇති බවයි.

2016 වසරේ මුල් මාස තුනේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 345.6කි. එම ප්‍රමාණය 2017 මුල් මාස තුනේ රුපියල් බිලියන 436ක් දක්වා රුපියල් බිලියන 91කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව කියයි

Read more

Local News