දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00 න් පසු වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි‍.
ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News