බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර

Share

කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇති බවයි.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ.

Read more

Local News