දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට

Share

ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීමේ අරමුණින් රජයේ කාර්යාල සංවර්ධනය කිරීම සඳහා රජය මගින් ගෙනයන වැඩසටහන යටතේ ඉදි කළ දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කරන ලදී.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
ලක්ෂ 450 ක මුදලක් වැය කොට ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් යුක්තය.
අංග සම්පූර්ණ ශ්‍රවනාගාරයක් සහ සියළු සනීපාරක්ෂක පහසුකම්වලින්ද සමන්විතව මෙම ගොඩනැගිල්ල ඉදි කොට ඇත.

Read more

Local News