2020 වන විට සියලු ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණයට – අමාත්‍ය වජිර අබේවර්ධන

Share

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, වසර 2020 වනවිට මේ රටේ සියලුම ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණය කිරීම අපේක්ෂාව බවයි.

ජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට කාර්යාලවල ඉඩ ප්‍රමාණවත් නොවන බවත් කුකුල් කූඩු වගේ කාර්යාල තිබෙන විට ගුණාත්මක සේවයක් ලබා දීම අපහසු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ හේතුව නිසා භෞතික සම්පත් වැඩිදියුණු කරන් සිදු වූ බව කියන අමාත්‍යවරයා, මේ වනවිට රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 220ක් පමණ නවීකරණය කරගෙන යන බවද පැවසීය.

Read more

Local News