දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුවීමක් අතරතුර අත්බෝම්බයක් පිපිරේ – තිදෙනෙක්ට තුවාල

Share

දියතලාව යුද හමුදා කඳවුරේ පුහුණුවීමක් අතරතුර අද (17දා) සිදුවූ අත්බෝම්බ පිපුරමකින් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිපිරීමේ ආධුනික නිලධාරියෙක්, යුද හමුදා සැරයන්වරයෙක් හා කාන්තා ආධුනික සෙබළියක් තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය හා දියතලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.

 

Read more

Local News