දුරකථන කුළුනුවල බැටරි ගලවා අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

Share

ජංගම දුරකථන සංඥා කුළුණු වල සවිකර ඇති වටිනා බැටරි රාත්‍රී කාලයේ පැමිණ සූක්ෂම ලෙස ගලවා අලෙවි කරන බවට පැවසෙන සංවිධානාත්මක සොර කණ්ඩායමක ප්‍රධානියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙහෙයුමකින් අද (17) අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලීසිය පවසයි.

වෙන්නප්පුව, කොච්චිකඩේ, සීදුව, මඩම්පැල්ල යන ප්‍රදේශ වල දුරකථන සංඥා පද්ධති කුළුනු වල සවිකර තිබු ප්‍රධාන විදුලිය විසන්ධි වු විට විදුලිය සැපයෙන බැටරි ගලවා සොරකම් කර රැගෙන ගොස් ජාඇල ඒකල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අපරාධ අංශයට ලද තොරතුරු මත අධිවොල්ටීය සහිත බැටරි 32 සොයා ගෙන අැත.

එම බැටරි වල වටිනාකම ලක්ෂ 40 පමණ වන බව පොලීසිය පවසයි.

මෙවා පහසුවෙන් අලෙවි කර ඒ මුදල් මත්කුඩු පානයට යොදා ගත් බව සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

Read more

Local News