ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා අද සිය රාජකාරි ආරම්භ කරයි

Share

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු ආරිය බී.රැකව මහතා අද (17) උදෑසන ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිය රාජකාරි ආරම්භ කළේ ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කළේය‍.

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්ද වන ආරිය බී. රැකව මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙක්, හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙක්, කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් සහ පිලිපීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයෙක් මෙන්ම ජනාධිපති නීතීඥවරයෙක්ද වේ.

Read more

Local News