ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි.

අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක් පමණ වූ තද වැසි ඇතිවිය හැකි අතර, එම අවස්ථාවන්වලදී අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News