දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Share

මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

මෙම හමුව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read more

Local News