“ආපදාවට පෙර සූදානම” – දෙසති වැඩසටහන 21දා සිට

Share

ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම – දෙසති වැඩසටහන 21දා සිට ලබන මස 03දා දක්වා ක්‍රියාත්මක කෙරේ.
මෙම විශේෂ දෙසතියක කාලය තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සිදු විය යුතු පූර්ව සූදානම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

Read more

Local News