ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඒවා නැරඹීමට යාමෙන් වළකින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Share

අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ,

ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඒවා නැරඹීමට යාමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මේ වනවිට මාර්ග ගණනාවක ගංවතුර තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග ගණනාවකම රථවාහන ගමනාගමනයට බාධා වීම් මේ වනවිට වාර්තා වෙනවා. අවිස්සාවෙල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගය වන මාර්ග අංක 674 තල්දූව හා ඉහළ තල්දූව යන ප්‍රදේශවලින් ගංවතුර හේතුවෙන් අවහිර වී තිබෙනවා. තිමියාවල පොලිස් වසමේ පැලවත්ත තිමියාවල මාර්ගය අටේ කණුව සහ දහයේ කණුව ප්‍රදේශය පස් කදු කඩා වැටීම් හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය ඇනහිට තිබෙනවා. බදුරලිය පොලිස් වසමේත් කලවාන මාර්ගය, හැඬිගල්ල මාර්ගය සහ කළුගල මාර්ගය, ගංවතුර හේතුවෙන් අවහිර වී තිබෙනවා.

හිනිදුම නෙළුව මාර්ගය සහ හිනිදුම උඩුගම මාර්ගය මේ වනවිට ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වෙනවා. වැලිපැන්න පොලිස් වසමේ ඌරගොඩ කන්ද නාය යෑමේ අවධානමකට ලක්ව තිබෙන බැවින් ඊයේ රාත්‍රියේ පොලීසිය ප්‍රාදේශීය ලේකම් ද එක් ව පවුල් 30ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ආරක්ෂිතව විහාරස්ථානයක නතර කර තිබෙනවා.

මීගගතැන්න පොලිස් වසමේ ද මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය ද ජලයෙන් යටවී ගමනාගමනය ඇනහිට තිබෙනවා. බණ්ඩාරගම පොලිස් වසමේ හුංගමුව ප්‍රදේශයේ නිවාස 45ක් ජලයෙන් යටවීම නිසා එම නිවැසියන් ව ආරක්ෂිතව ප්‍රජා ශාලාවක නතර කර තිබෙනවා.

Read more

Local News