බලල්ල අඹගස්වැව වම්ඉවුරු ඇලේ පැති බැම්ම ප්‍රතිසංස්කරණයට පියවර

Share

දැදුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල, අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබෙන අතර හානියට පත් පැති බැම්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

සිදු වී ඇති ආපදා තත්වය නිරීක්ෂණය කිරීම සදහා වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (20) වාරිමාර්ග නිලධාරීන්ද සමඟ එම ස්ථානයට ගොස් අතර, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සළකා එම ස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමට උපදෙස් ලබා දුනනේය.

 

Read more

Local News